Monday, February 24, 2025

General line - 0115112241

පුංචි ඡන්දයේ දිනය මෙම සතියේ ප්‍රකාශයට පත් කරනු ඇතැයි පැෆ්රල් සංවිධානය විශ්වාසයෙන්



පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට හැකි දිනය මෙම සතිය තුළ ප්‍රකාශයට පත් කරනු ඇතැයි අපේක්ෂා කරන බව පැෆ්රල් සංවිධානය පවසනවා.

එම සංවිධානයේ විධායක අධ්‍යක්ෂක රෝහණ හෙට්ටිආරච්චි මහතා පැවසුවේ ප්‍රායෝගික කාරණා රැසක් සැලකිල්ලට ගනිමින් මැතිවරණ කොමිසම විසින් එම දිනය ප්‍රකාශයට පත් කළ යුතු බවයි.

ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දැක්වූ පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂක රෝහණ හෙට්ටිආරච්චි මහතා.

"අපි දන්නවා පැරණි නාම යෝජනා සඳහා තැන්පත් කිරීම් වෙනකොට ආපසු ගෙවීමේ කටයුතු ආරම්භ කරලා තියෙනවා. 

මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශයට පත් කරලා තිබෙනවා.

ඒ ඇප තැන්පත්  ගෙවීම් අවසන් වූ වහාම මැතිවරණ දිනය  ප්‍රකාශයට පත් කරනවා කියලා.

අපි දකින්නේ නැහැ සම්පූර්ණ වන තෙක් මේක ප්‍රමාද කළ යුතුයි කියලා.  

දේශපාලන පක්ෂවලට අරමුදල් ගැටලුවක් තිබෙන බව බොහෝ විට පක්ෂ සඳහන් කරල තියෙනවා.

ඒ නිසා උනන්දුව සහිත දේශපාලන පක්ෂ වලට තමන්ගේ අදාල රිසිත් පත්  ඉදිරිපත් කිරීම හරහා ඇප මුදල් කඩිනමින් ලබාගන්න මැතිවරණ කොමිෂන් සභාව  ක්‍රියා කරල තියෙනවා.  

ඉතින් අපේ බලාපොරොත්තුව තමයි මේ ඉදිරි සතිය තුළ මැතිවරණය පිළිබඳව නිල නිවේදනය මැතිවරණ කොමිසම සභාව ක්‍රියාත්මක කරයි කියලා.  

මොකද ප්‍රායෝගික කාරණා ගණනාවක් සැලකිල්ලට අරගෙන තමයි මැතිවරණයය කොමිසම මේ දිනයේ ප්‍රකාශයට පත් කළ යුතු වන්නේ.

ඒ නිසා අපිත් දහස් සහගතව ඉන්නවා.

ඉදිරි සතිය තුළින් මැතිවරණය පිළිබඳව නිල ප්‍රකාශය මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශයට පත් කරයි කියලා "  

මේ අතර පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ද ඊයේ මහනුවරදී අදහස් පළ කළා.

ඒ පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන්නේ කුමන කාල වකවානුකදැයි මාධ්‍යවේදීන් කළ කරුණු විමසීමකට පිළිතුරු දෙමින්. 

"අපි ඉතාමත් කැමැත්තෙන් ඉන්නේ ඉතා ඉක්මනින් පළාත් පාලන මැතිවරණය පැවැත්විය යුතුයි කියලා. 

මම දැක්කා පසුගියදා විපක්ෂයේ දේශපාලන පක්ෂ ගිහිල්ලා මැතිවරණය කල්දැමිය යුතුයි කියලා යෝජනා ඉදිරිපත් කරලා තිබෙනවා.  

නීතිමය කිසිදු බාධාවක් නැහැ.  

මැතිවරණ කොමිසමට මැතිවරණය පැවැත්වීම සඳහා අවශ්‍ය වන නීතිය සම්පාදනය කරලා තිබෙනවා.

රජය විසින් මුදල් වෙන් කරලා දීලා තිබෙනවා. 

නමුත් මැතිවරණ දිනය තීරණය කිරීමේ බලය තිබෙන්නේ මැතිවරණ කොමිසමට ඒ නිසා අපි අපේක්ෂා කරනවා මැතිවරණ කොමිසම ඉතා ඉක්මනින් ඒ දිනය ප්‍රකාශයට පත් කරයි කියලා."