හික්කඩුව, නාරිගම වෙරළ තීරයේ දිය නෑමට ගිය විදෙස් ජාතික යුවලක් දියවැලකට හසුව මුහුදේ ගසාගෙන යමින් සිටියදී පොලිස් ජීවිතාරක්ෂක නිලධාරින් විසින් බේරාගෙන තිබෙනවා.
එලෙස අනතුරට ලක්ව දිවි බේරාගෙන ඇත්තේ වයස අවුරුදු 37ක් සහ වයස අවුරුදු 32ක් වන රුසියානු ජාතික යුවලක්.
හික්කඩුව පොලිස් ජීවිතාරක්ෂක ඒකකයට අනියුක්ත පොලිස් නිලධාරින් විසින් එම යුවල මහත් පරිශ්‍රමයක් දරා බේරා ගැනීමෙන් පසු එම යුවලට මූලික ප්‍රතිකාර ලබාදීමට ද පියවර ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළා.