Monday, February 24, 2025

General line - 0115112241

නීති විරෝධී ගිනි අවි 06ක් සමඟ සැකකරුවන් පස්දෙනෙකු අත්අඩංගුවට



මෙරට නිෂ්පාදිත ගිනි අවි දෙකක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකාය සමත් වී තිබෙනවා.

ඒ, ඉලුප්පුකඩවායි පොලිස් වසමේ තේතාවාඩි ප්‍රදේශයේ සිදුකල වැටලීමකදීයි.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 36ක් වන කිලිනොච්චිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

සැකකරු සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ඉලුප්පුකඩවායි පොලිසිය මඟින් සිදු කරනු ලබනවා.

මේ අතර වැලිගෙපොළ, හඳගිරිගොඩ ප්‍රදේශයේදී පොලිසිය සිදුකල වැටලීමකදී මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සමඟ 51 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සමනලවැව පොලිස් වසමේ ඉඹුල්පේ ප්‍රදේශයේදී මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සමඟ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පැවසුවා.

මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සහ ජීව පතරොම් සමඟ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත්තේ ඇඹිලිපිටිය, කාවන්තිස්සපුර ප්‍රදේශයේදීයි.

උළුක්කුලම පොලිස් ස්ථානයේ නිලධාරින් කණ්ඩායමක් පෙරියඋළුක්කුලම ප්‍රදේශයේ සිදුකල තවත් වැටලීමකදී මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සමඟ තවත් සැකකරුවකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවා.