ගණේමුල්ල සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකාරියක් වන නීතීඥවරියක් ලෙස වෙස්ගෙන කොළඹ අධිකරණ සංකීර්ණයට පැමිණි ඉෂාරා සෙව්වන්දි නැමැත්තිය සොයා ප්‍රදේශ කිහිපයක විශේෂ මෙහෙයුම් ක්‍රියාත්මක කර තිබෙනවා.
ඒ, එම සැකකාරිය රැඳී සිටින බවට ලැබෙන විවිධ තොරතුරු අනුවයි.
ඒ අනුව සැකකාරිය මතුගම ප්‍රදේශයේ රැඳී සිටින බවට ලද තොරතුරක් මත මතුගම හා අවට ප්‍රදේශවල විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබෙනවා.
ඒ අනුව මතුගම නගරයේ සහ අවට තෝරාගත් ස්ථානවල ස්ථීර මාර්ග බාධක යොදා ඇති ආකාරය මෙන්ම ජංගම පොලිස් මුර සංචාර ද යොදවා ඇති ආකාරය දැකගත හැකි බව නෙත් නිවුස් වාර්තාකරු පැවසුවා.
එම මෙහෙයුම් සඳහා පොලීසියට අමතරව පොලිස් විශේෂ කාර්ය බලකාය ද එක්ව සිටින බවයි නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කළේ.