අයවැය දෙවන වර කියවීමේ විවාදය අද 06 වන දිනටත් පාර්ලිමේන්තුවේදී පැවැත් වුණා.
විවාදය ආරම්භ කරමින් අදහස් දැක්වූයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතායි.
එහිදී ඔහු කියා සිටියේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ගෙන එන සෑම යෝජනාවකටම රජයක් එකඟවීම අවශ්‍ය නොවන බවයි.
නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍ය අනුර කරුණාතිලක මහතා ආණ්ඩු පක්ෂය වෙනුවෙන් විවාදය ආරම්භ කළා.
විවාදයට එක් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා කියා සිටියේ අයවැයෙන් යෝජනා කෙරුණු වැටුප් වැඩි කිරීමේ ක්‍රමය අනුව ඇතැම් සෞඛ්‍ය වෘත්තීන්වල වැටුප් අඩු වී ඇති බවයි.
ආණ්ඩු පක්ෂය වෙනුවෙන් විවාදයට එක් වූ අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා එම චෝදනා ප්‍රතික්ෂේප කරමින් අදහස් පළ කළා.