ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියට අදාළ මරණ පරීක්ෂණය අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ සිදු කෙරුණා.
එම මරණ පරීක්ෂණයට අදාළ සාක්ෂි සටහන් කර ගැනීම සිදු කෙරුණේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය ඉදිරියේයි.
වෙඩි තැබීම සිදුවූ අවස්ථාවේ අධිකරණ ශාලාව තුළ සේවයේ නියුතුව සිටි කෙසෙල්වත්ත පොලිසියේ පොලිස් කොස්තාපල් හේවාපතිරණගේ තරංග මහතා සාක්ෂි දෙමින් සිද්ධිය වූ දින පෙරවරු 09.30 හෝ 09.35ට පමණ අධිකරණයේ නඩු විමසීම් ආරම්භ වූ බව පැවසුවා.
ඉන් අනතුරුව සාක්ෂි දුන් සිද්ධිය වූ අවස්ථාවේ අධිකරණ ශාලාව තුළ සිටි නීතිඥවරයෙකු වන ප්‍රියන්ත පුෂ්පකුමාර සමරනායක මහතා සාක්ෂි දෙමින් තමන් සිද්ධිය වූ දින පෙරවරු 08.30ට පමණ අධිකරණ ශාලාව තුළට පැමිණි බව සඳහන් කළා.
ඉන් අනතුරුව පෑලියගොඩ අපරාධ කොට්ඨාසයට අනුයුක්ත පොලිස් කොස්තාපල් අනුර විජේසිරි මහතා සාක්ෂි ලබා දුන්නා.
ඔහු සඳහන් කළේ වෙඩි තැබීම සිදු වූ ඉකුත් 19 වනදා පෙරවරු 09.15ට පමණ තමා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ අංක 05 ශාලාව තුළට පැමිණි බවයි.
ඉන් අනතුරුව වැඩිදුර සාක්ෂි විභාගය මේ මස 27 වන දා දක්වා කල් තැබුණා.