Thursday, April 17, 2025

General line - 0115112241

පාර්ලිමේන්තු ඉතිහාසයේ මුල් වරට බ්‍රේල් ක්‍රමයට ලියූ යෝජනාවක් මැති සබයට



මෙරට පාර්ලිමේන්තු ඉතිහාසයේ පළමුවරට බ්‍රේල් ක්‍රමයට ලියන ලද සටහනක් ඇසුරින් සභාව කල් තැබීමේ යෝජනාවක් ඉදිරිපත් කිරීම අද සිදු කෙරුණා.  

ඒ, ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුගත් වසන්ත ද සිල්වා විසින්.

එහිදී අදහස් දක්වමින් ඔහු කියා සිටියේ දෘශ්‍යබාධිත පුද්ගලයෙකු වශයෙන්  බ්‍රේල් ක්‍රමයට ලියාගෙන ආ යෝජනාවක් පළමුවරට ඉදිරිපත් කිරීමට ලැබීම පිළිබඳ තමන් සතුටට පත්වන බවයි.