Tuesday, February 25, 2025

General line - 0115112241

සාම පා ගමනක් ගම්පහින් ඇරඹෙයි



ගම්පහ ස්මාර්ට් පුරවැසි ව්‍යාපාරය මගින් කැඳවනු ලැබූ සාම පා ගමනක් ඉකුත් ගම්පහ නගරයේදී පැවැත්විණි.

එහි සත්කාරකත්වය දරනු ලැබුවේ Heavenly Culture, World Peace, Restoration of Light (HWPL) විසිනි.

Heavenly Culture, World Peace, Restoration of Light (HWPL) යනු ගෝලීය වශයෙන් පිළිගත් රාජ්‍ය නොවන සංවිධානයක් වේ.

එහි මෙහෙයවීම මත මෙම පාගමන සංවිධාන කර තිබුණේ බිම් මට්ටමේ සාමය ඇති කිරීම අරමුණු කර ගෙනයි.

එහිදී සංවිධාන කර තිබූ පා ගමන ජාතික, සංස්කෘතික හා ආගමික භේදයකින් තොරව එකමුතුකමේ වැදගත්කම තහවුරු කරමින් ගම්පහ උද්භිද උද්‍යානය වෙත ළඟාවිය.

Heavenly Culture, World Peace, Restoration of Light සංවිධානය රටවල් 160 ක ක්‍රියාත්මක වන අතර එය එක්සත් ජාතීන්ගේ ආර්ථික හා සමාජ කවුන්සිලයේ විශේෂ උපදේශක තත්ත්‍වය දරයි.

එහි හවුල්කාර සංවිධාන වන ජාත්‍යන්තර කාන්තා සාම කණ්ඩායම (IWPG) සහ ජාත්‍යන්තර සාම තරුණ කණ්ඩායම (IPYG) සමඟ සහයෝගයෙන් අධ්‍යාපනය, සංසද සහ ප්‍රජාව විසින් මෙහෙයවන වැඩසටහන් හරහා ගෝලීය සාම මුලපිරීම් අඛණ්ඩව සිදු කරයි.

ඉකුත් සෙනසුරාදා පැවැති පා ගමන සමාජ සහජීවනය ප්‍රවර්ධනය කිරීමට සහ අඛණ්ඩ සාම ප්‍රයත්නවල අවශ්‍යතාවය අවධාරණය කිරීමට වේදිකාවක් විය