නව කර්මාන්තපුර කිහිපයක් ඉදිරියේදී ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පවසනවා.
කර්මාන්තපුර සම්බන්ධයෙන් රජයේ ඉදිරි වැඩපිළිවෙල පිළිබඳ පාර්ලිමේන්තුවේදී කරුණු දක්වමින් ඔහු මේ බව කියා සිටියා.
පවතින ක්‍රමවේද හේතුවෙන් කර්මාන්තපුර තුළ ව්‍යාපාර ආරම්භ කිරීමට ව්‍යාපාරිකයන්ගේ ධෛර්ය නැති වී ඇති බවයි අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා එහිදී කියා සිටියේ.
අද පෙරවරු 09.30ට පාර්ලිමේන්තුවේ සජීවී දර්ශන නෙත් නිවුස් යූ ටියුබ් නාලිකාවට පිවිස නැරඹිය හැකියි.