Tuesday, February 25, 2025

General line - 0115112241

පියාසර නොකළ ශ්‍රී ලන්කන් ගුවන් යානා තුනකට ලක්ෂ ගණන් කුලී ගෙවයි



වසර ගණනාවක් පුරා භාවිතයට නොගෙන ඇති ශ්‍රී ලන්කන් ගුවන් සේවය සතු යානා තුනක් සඳහා මසකට ඩොලර් ලක්ෂ 09ක මුදලක් වාරික වශයෙන් ගෙවා ඇතැයි අද පාර්ලිමේන්තුවේ දී අනාවරණ වුණා.

ඒ, පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර මහතා ඇසූ ප්‍රශ්නයකට, මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා පිළිතුරු ලබාදුන් අවස්ථාවේදීයි.

එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර මහතා ප්‍රශ්න කළේ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ පාඩුව පියවා ගන්නේ කෙසේද යන්න පිළිබඳවයි.

ඊට පිළිතුරු ලබාදුන් නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා සඳහන් කළේ ගුවන් සේවය ශක්තිමත් කිරීමේ අරමුණින් 2025 සිට පස් අවුරුදු සැලැස්මක් ක්‍රියාත්මක කරමින් ඇති බවයි.

මේ, ඊට ප්‍රතිචාර දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර මහතා.

නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා එහිදී මෙලෙස අදහස් පළ කළා.

මේ අතර වෙළඳපොළේ යළි නාඩු සහල් හිඟයක් ඇති වීමේ අවධානමක් මතුවිය හැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී කිංස් නෙල්සන් මහතා පාර්ලිමේන්තුවේදී අද අදහස් පළ කළා.

වෙළඳ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා ඊට ප්‍රතිචාර දක්වමින් පැවසුවේ පොලොන්නරුවේ එක් ප්‍රධාන වී මෝල් හිමියෙකු එම අර්බුදය පිටුපස සිටින බවයි. 

සැමන් සඳහා සියයට 18ක වැට් බද්දක් පනවා ඇත්දැයි මෙහිදී ප්‍රශ්න කෙරුණා.

මේ අතර රටේ සිදුවන ඝාතන සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙහිදී අදහස් පළ කරමින් සිටින අතරතුර සභානායක බිමල් රත්නායක මහතා ඊට ප්‍රතිචාර දැක්වූයේ මෙලෙසයි.

පාර්ලිමේන්තුවේ කටයුතු තවදුරටත් පැවැත්වෙන අතර එහි සජීවී දර්ශන නෙත් නිවුස් යූ ටියුබ් නාලිකාව ඔස්සේ නැරඹිය හැකියි.