ජාත්‍යන්තරය තුළ රුසියාවට පක්ෂව ඇමරිකාව පෙනී සිටි පුවතක් විදෙස් මාධ්‍ය අද වාර්තා කර තිබුණා.
ඒ, යුක්‍රේනය පිළිබඳ එක්සත් ජාතීන්ගේ යෝජනාවේදීයි.
රුසියානු යුක්‍රේන ආක්‍රමණයේ තුන්වන සංවත්සරය සැමරීම සඳහා නිව්යෝර්ක්හි එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේදී මෙම ඡන්ද විමසීම පැවැත් වුණා.
ඊට ඉදිරිපත් වූ යෝජනා දෙකකදීම අමෙරිකාව දෙවරක් රුසියාවට පක්ෂව පෙනී සිට තිබෙනවා.
මේ අතර ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් සහ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර හමුවක්ද සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
එමෙන්ම බි්‍රතාන්‍ය අග්‍රාමාත්‍ය ශ්‍රීමත් කීර් ස්ටාර්මර් ද අමෙරිකානු ජනාධිපතිවරයා හමුවීමට නියමිත බවයි වාර්තා වන්නේ.