Tuesday, February 25, 2025

General line - 0115112241

පාස්පෝට් ගැන විශේෂ තීරණයක්



නිකුත් කිරීමට ඉතිරිව පවතින සියලු ගුවන් ගමන් බලපත්‍ර මාසයක් තුළ නිකුත් කර, එම ක්‍රියාවලිය සාමාන්‍ය තත්ත්වයට පත් කිරීමට අවශ්‍ය කටයුතු මේ වන විටත් ක්‍රමිකව සිදු කෙරෙමින් පවතින බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසනවා.

ඒ, මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ අමාත්‍යංශයීය උපදේශක කාරක සභාවේදීයි.

ගුවන් ගමන් බලපත්‍රයක් ලබා ගැනීම පිළිබඳ ජනතාව තුළ බිඳවැටී ඇති විශ්වාසය නැවත ඇති කිරීම මුලික අරමුණ කරගෙන පැය 24 පුරා ගුවන් ගමන් බලපත්‍ර නිකුත් කිරීම ආරම්භ කළ බව අමාත්‍යවරයා එහිදී අවධාරණය කර තිබෙනවා. 

මේ අතර විපක්ෂ මන්ත්‍රීවරුන්ට ආරක්ෂාව ලබාදෙන ලෙසට කරන ලද ඉල්ලීම සම්බන්ධයෙන් ද එහිදී සාකච්ඡාවට ලක් වුණා.

ඒ අවස්ථාවේ අමාත්‍යවරයා පවසා ඇත්තේ මන්ත්‍රීවරුන්ට අවශ්‍ය ආරක්ෂාව ලබාදීම සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති බවයි.

මේ වන විට මන්ත්‍රීවරුන්ට පවතින තර්ජන සම්බන්ධයෙන් විමර්ශනය කරමින් අවසන් වාර්තා සකස් කරමින් පසුවන බවද අමාත්‍යවරයා එහිදී පැවසුවා.

එම තක්සේරු වාර්තා ලැබීමෙන් පසු අදාළ මන්ත්‍රීවරු්නට ආරක්ෂාව අවශ්‍යනම් ඒ සම්බන්ධයෙන් කටයුතු කරන බවයි මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා වැඩිදුරටත් පැවසුවේ.