Friday, March 29, 2024

General line - 0115112241

චන්දිමාල් ස්ටීවන් ස්මිත් හා ජෝ රූට් අභිබවා යයි!




සංචාරක ඕස්ට්‍රේලියා කණ්ඩායම හා ශ්‍රී ලංකා කන්ඩායම අතර පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරඟාවලියේ 3වන තරඟය මේ වන විට පැවැත්වෙනවා

තරඟයේ පළමු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රීලංකා කණ්ඩායම පන්දුවාර 49 පන්දු 2 අවාසනයේ සියලු දෙනා දැවී ලකුණු 226 ලබා ගැනීමට සමත් වුණා

මෙහිදී සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ දිනේෂ් චන්දිමාල් ශතකයක් ලබා ගැනීමට සමත් වුණා

පන්දු 130කදී  වාර්තා වූ මෙම ඉනිමට හතරේ පහර 7ක් අන්තර්ගත වුණා

මෙම ඉනිම සමගින් චන්දිමාල් ලකුණු 3000 පසු කළ 15 වන ශ්‍රී ලාංකිකයා ලෙස ඉතිහාසයට එක්වුණා.

එමෙන්ම ඔහු මෙම වසරේ තරඟ 12කට සහභාගීවී ලකුණු 650ක් ලබාගෙන සිටිනවා

2016 වසරේ වැඩිම ලකුණු ලබාගත් ක්‍රීඩකයන් අතර ඔහුට හිමිවන්නේ තුන්වන ස්ථානයයි

ලකුණු 708 හා 672ක් ලබාගෙන චන්දිමාල්ට ඉදිරියෙන් සිටින්නේ ඕස්ට්‍රේලියාවේ ස්ටීවන් ස්මිත් සහ එංගලන්තයේ ජෝ රූට් පමණයි.

නමුත් 2016 වසරේ වැඩිම ලකුණු ලබා සිටින ක්‍රීඩකයන් අතර හොඳම පිතිකරු සමාන්‍ය හිමිවන්නේ දිනේෂ් චන්දිමාල්ටයි

ඔහුගේ මෙම වසරේ පිතිකරු සාමාන්‍ය 72.22 ලෙස දැක්වෙනවා.