2025 අයවැය දෙවනවර කියවීම අද වැඩි ඡන්ද 109කින් සම්මත වුණා. ඊට පක්ෂව ඡන්ද 155ක් ලැබුණු අතර විපක්ෂව ලැබුණු ඡන්ද සංඛ්‍යාව 46යි.
මේ අතර අයවැය දෙවනවර කියවීමේ විවාදය ද පාර්ලිමේන්තුවේදී අද පැවැත් වුණා. මේ, විවාදයට එක් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා.
ඊට ප්‍රතිචාර දැක්වූ අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනෙවිය සඳහන් කළේ විදුහල්පතිවරුන්ගේ සහ ගුරුවරුන්ගේ වැටුප් ඉහළම ශ්‍රේණි 10 අතරට ගෙනවිත් ඇති බවයි.
පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී චානක මහතා ද මෙහිදී අදහස් පළ කළා.
පාර්ලිමේන්තු මන්ත්‍රිණී රෝහිනී කවිරත්න මහත්මිය අදහස් පළ කිරීමත් සමඟ සභාවේ උණුසුම් තත්ත්වයක් ඇති වුණා.