Friday, March 29, 2024

General line - 0115112241

චන්ද්‍රිකාට නිට්ටඹුවේදී විරෝධයක්




අත්තනගල්ල ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂ ශාඛා සමිති සාමාජිකයින් පිරිසක් අද (28) පෙරවරුවේ නිට්ටඹුව නගරයේදී විරෝධතාවක නිරත වුණා. ඒ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරණායක කුමාරතුංග මහත්මියට විරෝධය පළ කරමින්.

අත්තනගල්ල ප‍්‍රාදේශීය ලේකම් කාර්යාල ගොඩනැගිල්ල හිටපු ජනාධිපතිනිය විසින් විවෘත කිරීමේ සිද්ධියක් ඊට හේතුවයි.

විරෝධතාවට එක්වූවන් පැවසුවේ මෙම ගොඩනැගිල්ල හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ පාලන සමයේදී ඉදිකල ගොඩනැගිල්ලක් බවයි.