Wednesday, February 26, 2025

General line - 0115112241

ග්‍රහලෝක හතක් එක පේළියට නරඹන්න දුර්ලභ අවස්ථාවක්



ග්‍රහලෝක 07ක් එකවර නැරඹීමේ දුර්ලභ අවස්ථාවක් උදා වී තිබෙනවා.

මෙලෙස එකවර දැකගත හැකිවන්නේ අඟහරු, බ්‍රහස්පති, යුරේනස්, සිකුරු, නෙප්චූන්, බුධ සහ සෙනසුරු යන ග්‍රහලෝක හතයි. 

‘ග්‍රහලෝක පෙළපාළියක්‘ ලෙස හඳුන්වන මෙම සංසිද්ධිය දුර්ලභ දසුනක් වන බවයි තාරකා විද්‍යාඥයින් පවසන්නේ.

ඒ අනුව 2040 වන තෙක් ග්‍රහලෝක හතක් එකවර මෙතරම් හොඳින් දැකිය හැකි අවසාන අවස්ථාව මෙය වනු ඇති.

ඒ අනුව අඟහරුවාදා, බදාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල හිරු බැස යෑමෙන් පසුව මෙම ග්‍රහලෝක දැකගත හැකි බවයි විද්‍යාඥයින් පවසන්නේ. 

බුධ, සිකුරු, බ්‍රහස්පති සහ අඟහරු යන ග්‍රහලෝක හතරක් පියවි ඇසට පෙනෙන නමුත් සෙනසුරු ක්ෂිතිජයේ පහළින් පිහිටා ඇති බැවින් එය දැකීමට අපහසු වනු ඇති.

එමෙන්ම යුරේනස් සහ නෙප්චූන් හඳුනා ගැනීමට දුරේක්ෂයක් අවශ්‍ය වනු ඇති බවයි තාරකා විද්‍යාඥයින් පවසන්නේ.

නවීන තාක්ෂණය පිළිබද ආතර් සී ක්ලාක් ආයතනයේ සභාපති මහාචාර්ය චන්දන ජයරත්න මහතා පවසන්නේ ලබන 28 වන දින දක්වා කාලය පසු හිරු බැසගිය පසු ශ්‍රී ලංකාවට ද මෙම දසුන ඉතා හොදින් දිස්වනු ඇති බවයි.