Wednesday, February 26, 2025

General line - 0115112241

ලොව පුරා හින්දු බැතිමතුන් බැතියෙන් සමරන මහා ශිව රාත්‍රි දිනය අදයි



ලොව පුරා හින්දු බැතිමතුන් බැතියෙන් සමරන මහා ශිව රාත්‍රි දිනය අදයි. හින්දු බැතිමතුන් විසින් ශිව දෙවියන් උදෙසා පුද පූජා පවත්වන මංගල්‍යය ලෙසයි මහා ශිව රාත්‍රි දිනය සැලකෙන්නේ.

ශිව දෙවියන් සහ පාර්වතීගේ එක් වීමත්, ශිව දෙවියන් ඔහුගේ දිව්‍යමය නර්තනය වන තාණ්ඩව නර්තතනය ඉදිරිපත් කරන අවස්ථාවත් මෙයින් සිහිපත් කෙරෙනවා.

එයින් ලෝකයෙහි හා ජීවිතයෙහි “මෝහාන්ධකාරය ජය ගැනීම” සංකේතවත් කරන බව විශ්වාසයයි.

එබැවින් මෝහාන්ධකාරය දුරු වී ප්‍රඥාලෝකය දැල් වේවායි ප්‍රාර්ථනා කරමින් හින්දු බැතිමතුන් උපවාසයේ යෙදෙමින් පුණ්‍ය ක්‍රියාවල නිරත වීම සම්ප්‍රදාය වනවා.

මහා ශිව රාත්‍රිය යනු කුමක්ද? මේ, ජාත්‍යන්තර හින්දු සම්මේලනයේ ලේකම් ආචාර්ය ශිව ශ්‍රී රාමචන්ද්‍රන් කුරුක්කල්තුමා.

මහා ශිව රාත්‍රි දිනය වෙනුවෙන් පණිවිඩයක් නිකුත් කරන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසන්නේ සියලුදෙනා ප්‍රාර්ථනා කරන යහපත් දේශපාලන සංස්කෘතියකින් යුතු සමෘද්ධිමත් රටක් ගොඩනැගීම සඳහා දේශපාලන, ආර්ථික හා සමාජයීය වශයෙන් නව පරිවර්තන රැසක් සමඟ පුනරුද යුගයක් කරා මේ වන විට ගමන් කරමින් සිටි බවයි.

මහා ශිව රාත්‍රී දිනයෙහි දැල්වෙන පහන් ආලෝකයෙන් හදවත් එකලු කර අප තෝරා ගත් ඒ මඟ වඩ-වඩා හෙළි කර ගැනීමට එක් වන්නැයි ජනාධිපතිවරයා සියලුදෙනාට ආරාධනා කර සිටිනවා.