ජාතික ජන බලවේගයේ සියලු මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තු පුස්තකාලය පරිහරණය කිරීම අනිවාර්ය කර ඇතැයි සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසනවා.
ඔහු කියා සිටියේ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු පුස්තකාලය භාවිත කරන ආකාරය සම්බන්ධයෙන් වාර්තාවක් ලබා ගැනීමට ද කටයුතු කළ බවයි.
ඔහු මෙම අදහස් පළ කළේ 2025 විසර්ජන පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදයට ඊයේ පස්වරුවේ එක්වෙමින්.
විවාදයට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර් මහතා සඳහන් කළේ ආණ්ඩුව විසින් රාජ්‍ය සේවකයින්ගේ පඩි වැඩි කර ඇති ආකාරයට ඉදිරියේදී ගැටළු ඇතිවිය හැකි බවයි.
විවාදයට එක්වෙමින් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනෙවිය පැවසුවේ මෙවර අයවැය තුළ රටට වඩාත් වටින කරුණු රැසක් ඇතුළත් බවයි.
කෙසේවෙතත් විවාදයට එක්වෙමින් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී. චානක සඳහන් කළේ මෙවර අයවැය තුළින් ආණ්ඩුව ජනතා බලාපොරොත්තු බිඳ දැමූ බවයි.
මේ අතර අයවැය කාරක සභා අවස්ථා විවාදය හෙට සිට මාර්තු 21 වනදා දක්වා දින 19ක් පැවැත්වීමට නියමිතයි.
අයවැය තෙවන වර කියවීමේ ඡන්ද විමසීම මාර්තු 21 වන දින සවස 06ට පැවැත්වෙනු ඇති.