Wednesday, February 26, 2025

General line - 0115112241

විනිසුරු මංජුල තිලකරත්න මහතාට සමාජ මාධ්‍ය ඔස්සේ පළ කර ඇති සටහන් ගැන අධිකරණයට කරුණු වාර්තාවක්

උදය කුමාර



ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව ගොනු කර තිබෙන නඩුව විභාග කරන කොළඹ මහාධිකරණ විනිසුරු  මංජුල තිලකරත්න මහතාට එරෙහිව සමාජ මාධ්‍ය ඔස්සේ පළ කර ඇති සටහන් දෙකක් සම්බන්ධයෙන් කොළඹ මහාධිකරණ රෙජිස්ට්‍රාර්වරයා විසින් අධිකරණයට කරුණු වාර්තා කර තිබෙනවා.

ඉකුත් 21 වනදා “පෝද්දල ජයන්ත”‍ සහ “සනත් බාලසූරිය”‍ යන නම්වලින් මුහුණු පොත ඔස්සේ මෙම පළ කිරීම සිදුකර තිබෙන බවයි සඳහන් වන්නේ.

මේ තුළින් අධිකරණයට අපහාසයක් සිදුවී ඇති බවයි මහාධිකරණ රෙජිස්ට්‍රාර්වරයා විසින් අධිකරණයට ඉදිරිපත් කළ පැමිණිල්ලේ සඳහන් කර ඇත්තේ.

මීට අදාළව සුදුසු නියෝග නිකුත් කරන ලෙසත් මහාධිකරණ රෙස්ට්‍රාර්වරයා විසින් අධිකරණයෙන් ඉල්ලා තිබෙනවා.

 ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව ඉකුත්දා කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා ඉදිරියේ අධි චෝදනා භාර දීම සිදුකෙරුණා.