ඉන්දියාවේ බිලියනයකට අධික පිරිසකට තම අභිමතය පරිදි භාණ්ඩ හෝ සේවා සඳහා වියදම් කිරීමට මුදල් නොමැති බව අනාවරණ වී තිබෙනවා.
ජාත්‍යන්තර ව්‍යාපාර සමාගමක් විසින් සිදු කරන ලද සමීක්‍ෂණයක වාර්තාවක් එළිදක්වමින් ඔවුන් පවසන්නේ බිලියන එකයි දශම 4ක් වන ඉන්දීය ජනගහණයෙන් තම අභිමතය පරිදි භාණ්ඩ හෝ සේවා සඳහා වියදම් කිරීමට මුදල් ඇත්තේ මිලියන 140කට පමණක් බවයි.
ඉන්දියාවේ ධනපති පන්තිය තවත් ධනවත් වෙමින් සිටියද ධනවත් ජනගහණය සංඛ්‍යාත්මකම වර්ධනය නොවන බව එම වාර්තාවේ සඳහන්.
ආසියාවේ තුන්වන විශාලතම ආර්ථිකය හිමි තුන්වන රට වුවද ඉන්දියාවේ පරිභෝජන පන්තිය පුළුල් නොවන බවයි ඔවුන් පවසන්නේ.
ඉන්දියාවේ සමස්ත වෙළඳපොළ ගත් කළ නිවාස මිලදී ගන්නේ සියයට 18ක් පමණක් බවත් එය මීට වසර 5කට පෙර සියයට 40ක මට්ටමක පැවති බවත් එම වාර්තාවේ සඳහන්.
ඉන්දියාවේ ඉහළම ධනවතුන්ගෙන් සියයට 10ක් ජාතික ආදායමෙන් සියයට 57යි දශම 7 හිමිකම් කියනවා. එය 1990 වසරේ පැවතුණේ සියයට 34ක් තරම් ඉහළ අගයකයි.
පවතින තත්ත්වය මත ඉන්දියානුවන්ගේ මිලදී ගැනීමේ ශක්තිය අඩු වීම, ඉතුරුම් සීග්‍ර ලෙස පහත වැටීම හා ජනතාවගේ ණයගැතිභාවයේ වැඩිවීමක් සිදුවිය හැකි බවයි ජාත්‍යන්තර ව්‍යාපාර සමාගමක් විසින් ප්‍රකාශයට පත් කළ නවතම වාර්තාව මගින් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.