Thursday, May 8, 2025

General line - 0115112241

නීතිවිරෝධී දුම්වැටි සමග කාන්තාවක් කටුනායකදී අත්අඩංගුවට

ටී කේ ජී කපිල



විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක්, නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත්  කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි ශ්‍රී ලාංකික ගුවන් මගී කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින්. ඇය කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ ඇත්තේ ඩුබායි සිට ෆ්ලයි ඩුබායි ගුවන් සේවයේ ගුවන් යානයකින්.

ඇය විසින් රැගෙන ආ ගමන් මලු‍ තුළ විදේශීය නිෂ්පාදිත දුම්වැටි 28,800ක් අඩංගු දුම්වැටි කාටූන් 144ක් සඟවා ගෙන සිටියදී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් විසින් එලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම දුම්වැටි තොගයේ වටිනාකම රුපියල් හතළිස් තුන් ලක්ෂ විසි දහසක් පමණ වන බවටයි අනාවරණ වී ඇත්තේ.

අත්අඩංගුවට ගත් කාන්තාව 47 හැවිරිදි පොල්ගහවෙළ ප්‍රදේශයේ පදිංචිකාරියක් වන අතර ඇය කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ කලක් සේවය කර ඇති බවටයි වාර්තා වන්නේ.