Wednesday, February 26, 2025

General line - 0115112241

ප්‍රථම ෂෙල් ඉන්ධන පිරවුම්හල RM පාර්ක්ස් සහ ට්‍රයි ස්ටාර් සමාගම් සමූහයේ හවුල්කාරිත්වයෙන් ඇරඹේ

නිරෝෂන



ෂෙල් සන්නාමය දරන ශ්‍රී ලංකාවේ ප්‍රථම ඉන්ධන පිරවුම්හල අඹතලේ බී. එස්. කුරේ පිරවුම්හලේ දී විවෘත කර තිබෙනවා.

ඒ, ෂෙල් බ්‍රෑන්ඩ්ස් ඉන්ටනැෂනල් සහ සීමාසහිත RM පාර්ක්ස් පුද්ගලික සමාගම්වලට අනුබද්ධිත සමාගම් අතර සිල්ලර වෙළඳ සන්නාමය සඳහා බලපත්‍රය ලබා ගැනීමේ එකඟතා ලියවිල්ලට අත්සන් තැබීමෙන් අනතුරුවයි.

මෙරට අමෙරිකානු තානාපති ජුලි චන්ග් මහත්මියගේ ප්‍රධානත්වයෙන් එම ප්‍රථම ඉන්ධන පිරවුම්හල විවෘත කර තිබෙනවා.

ට්‍රයිස්ටාර් සමූහ ව්‍යාපාරයේ හවුල්කාර සමාගමක් වන සීමා සහිත RM පාර්ක්ස් පුද්ගලික සමාගම, ඉන්ධන සහ ගැස් ක්ෂේත්‍රයන්ට ඉන්ධන සපයන්නා වූ සම්පූර්ණයෙන් ඒකාබද්ධ ව්‍යාපාරයක් වනවා.

ආර් එම් පාක්ස් සමාගම ශ්‍රී ලංකාව පුරා පිහිටි සිල්ලර ඉන්ධන පිරවුම්හල් 150ක ජාලයක් ෂෙල් ලෙස නැවත සන්නාමකරණය කිරීමට නියමිතයි.

මෙය 2023 දී ශ්‍රී ලංකා පෙට්‍රෝලියම් හා බලශක්ති අමාත්‍යාංශය විසින් ආරම්භක වසර 20ක කාලයක් සඳහා ක්‍රියාත්මක කිරීමට ලබා දුන් කොන්ත්‍රාත්තුවක් වනවා.