පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්‍ෂාව තර්ජනයකට ලක්ව ඇති බව සමගි ජන සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසනවා.
වත්මන් ආණ්ඩුවේ ඇතැම් තීන්දු තීරණ හේතුවෙන් මන්ත්‍රීවරුන්ට තිබූ ගෞරවය පවා දැන් හෑල්ලුකර ඇති බවයි ඔහු සඳහන් කළේ.
දිනෙන් දින වැඩි වන පාතාල ක්‍රියාකාරකම් හේතුවෙන් රාජ්‍ය ආරක්‍ෂාව තර්ජනයකට ලක්ව ඇති බවයි දයාසිරි ජයසේකර මහතා පැවසුවේ.
පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා මෙම අදහස් පළ කළේ ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් වැඩසටහනට එක්වෙමින්.