මෙරට සිදුවූ බරපතල මූල්‍ය අක්‍රමිකතාවක් ලෙස සැලකෙන මහ බැංකු බැඳුම්කර වංචාව සිදුවී අදට වසර 10ක් සපිරෙනවා.
2015 වසරේ පෙබරවාරි 27වනදා සිදු වූ බැඳුම්කර වංචාවෙන් රජයට රුපියල් බිලියන 10කට අධික අලාභයක් සිදු කර ඇති බවටයි අල්ලස් කොමිසම අධිකරණයේ ගොනු කළ පැමිණිල්ලක සඳහන් වන්නේ.
මීට වසර 10කට පෙර සිදුවූ බැඳුම්කර වංචාවෙන් රටේ ආර්ථිකයට සිදුවූ බලපෑම කුමක්ද? මේ කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය සුරංග සිල්වා මහතා.
මහබැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රධානතම චෝදනාව එල්ල වූයේ හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ටයි.
විදෙස්ගතව සිටින ඔහු මෙරටට ගෙන්වාගැනීම සම්බන්ධයෙන් ගෙන ඇති පියවර පිළිබඳ කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැහැදිලි කළේ මෙලෙසයි.