වාහන ආනයනය සම්බන්ධයෙන් රජයේ බදු ප්‍රතිපත්තිය වෙනස් කිරීමේ අවශ්‍යතාවක් මේ මොහොතේ අවශ්‍ය නොවන බව ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසනවා.
එම සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරෙන්චිගේ මහතා කියා සිටියේ වාහන මෙරටට ආනයනය කිරීමේදී වසර 05කට වඩා වැඩි කාලයක් භාවිත කරන ලද වාහන ආනයනය කිරීමට අවසර ලබාදෙන ලෙස නැවත වරක් රජයෙන් ඉල්ලා සිටින බවයි.
මේ අතර අයවැය විවාදයට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා කියා සිටියේ වාහන ආනයන බදු විශාල ලෙස ඉහළ දැමීම හේතුවෙන් වාහන ආනයනය මගින් රජය අපේක්ෂා කර ආදායම ලබා ගැනීම අභියෝගාත්මක වී ඇති බවයි.
වසර 5කට පසුව මෙරට ආනයන සීමා ලිහිල් කිරීමත් සමග පෞද්ගලික පරිහරණය සඳහා ගෙන්වූ පළමු මෝටර් රථ තොගය පෙරේදා කොළඹ වරායට පැමිණියා.
මෙලෙස ගෙන්වා ඇත්තේ 2024 වසරේ නිෂ්පාදිත මෝටර් රථයි.
පෞද්ගලික පරිහරණය සඳහා මෙරටට ගෙන්වූ මෙම වාහන තොගය ලබන සතියේ සිට මෙරට වෙළඳපොළට නිකුත් කරන බව වාහන ආනයනකරුවන් පවසනවා.