ගම්පහ, යාගොඩමුල්ල ප්‍රදේශයේ මහහේන සුසාන භූමිය තුළ තිබී ටී56 ගිනි අවියක් හා පතරොම් තොගයක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, දිවයින පුරා ක්‍රියාත්මක වන පරිදි සිදුකරගෙන යනු ලබන අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුමට අදාළව බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකදීයි.
එම වැටලීමේදී ටී56 ගිනි අවිය සමග පතරොම් 22ක් හා පතරොම් ගැබක්ද සොයා ගෙන තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.