පස් වන වරටත් පැවැත්වූ ජාත්‍යන්තර තායිලන්ත කරාටේ කුසලාන තරඟාවලියට සහභාගී වූ ශ්‍රී ලංකා පාසැල් කරාටේ කණ්ඩායම යළි දිවයිනට පැමිණ තිබෙනවා.
එම තරඟාවලියට ශ්‍රී ලංකා පාසල් කරාටේ කණ්ඩායමක් සහභාගී වී ඇත්තේ පළමු වරටයි.
එහිදී රන් පදක්කම් 32ක්, රිදී පදක්කම් 27ක් සහ ලෝකඩ පදක්කම් 18ක් දිනා ගැනීමට මෙරට කරාටේ කණ්ඩායම සමත් වී තිබෙනවා.
ජාත්‍යන්තර තායිලන්ත කරාටේ කුසලාන තරඟාවලියේ ශූරතාවයද දිනා ගෙන ඇත්තේ ශ්‍රී ලංකා පාසල් කරාටේ කණ්ඩායමයි.
මෙම තරඟාවලිය තායිලන්තයේ බැංකොක් නුවරදී ලෝකයේ රටවල් 10ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් 800 දෙනෙකුගේ සහභාගීත්වයෙන් ඉකුත් 23 වනදා පවත්වා තිබුණා.
තරඟාවලිය සදහා මෙරට පාසැල් 30ක කරාටේ ක්‍රීඩකයින් 19 දෙනෙකු සහ ක්‍රීඩිකාවන් 17 දෙනෙකු සහභාගී වී තිබෙනවා.