Thursday, February 27, 2025

General line - 0115112241

උස්වැටකෙයියාව වෙඩිතැබීමට තවත් පුද්ගලයෙක් අත්අඩංගුවට



පමුණුගම, උස්වැටකෙයියාව මුහුදු වෙරළ තීරයේ පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පමුණුගම පොලිස් ස්ථානයේ නිලධාරින් කණ්ඩායමක් විසින් එම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත්තේ රාගම වල්පොල ප්‍රදේශයේදීයි.

එම සැකකරු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 12ක් හා විදේශ රටක නිශ්පාදිත ජීව අත් බෝම්බයක්ද සොයා ගත් බවයි පොලීසිය පැවසුවේ.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 29ක් වන රාගම, වල්පොල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

පසුගිය 21 වනදා උස්වැටකෙයියාව මුහුදු වෙරළ තීරයේදී මෙම වෙඩි තැබීම සිදු වී තිබුණා.

මෙම වෙඩිතැබීම සම්බන්ධයෙන් ඊයේ දිනයේදීද පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගැණුනා.

සිද්ධිය සම්බන්ධයෙන් පමුණුගම පොලිසිය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.