Sunday, March 30, 2025

General line - 0115112241

අභාවප්‍රාප්ත ප්‍රවීණ රංගන ශිල්පී වසන්ත විට්ටච්චි මහතාගේ අවසන් කටයුතු මාර්තු 01 වනදා



අභාවප්‍රාප්ත ප්‍රවීණ රංගන ශිල්පී වසන්ත විට්ටච්චි මහතාගේ දේහය අද (27)  සවස 06ට කඳානේ පොල්පිති මූකලානේ පිහිටි ඔහුගේ නිවසට රැගෙන යාමට නියමිතයි.

අවසන් ගෞරව දැක්වීම සඳහා ඒ මහතාගේ දේහය මාර්තු 01 වනිදා උදෑසන තෙක් එම නිවසේ තැන්පත් කිරීමට නියමිතව තිබෙනවා.

ඉන් අනතුරුව එදින උදෑසන 8 සිට සවස 3.30 වන තෙක් දේහය බොරැල්ල ජයරත්න අවමංගල ශාලාවේ තැන්පත් කෙරෙනු ඇති.

අභාවප්‍රාප්ත ප්‍රවීණ රංගන ශිල්පී වසන්ත විට්ටච්චි මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු මාර්තු 01 දින  සවස 4.00ට බොරැල්ල සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතව තිබෙනවා.

ප්‍රවීණ රංගන ශිල්පියෙකු සහ වේශ නිරූපණ ශිල්පියෙකු වූ වසන්න විට්ටච්චි මහතා අභාවප්‍රාප්ත වන විට 65 වන වියේ පසු වුණා.