Thursday, February 27, 2025

General line - 0115112241

අපරාධ වැඩි වී නැහැ - ආණ්ඩුව කියයි



ආන්දෝලනයට තුඩු දුන් ඉකුත් ශිෂ්‍යත්ව විභාගයට අදාළ කඩයිම් ලකුණු මෙතෙක් ප්‍රකාශයට පත් නොකිරීම හේතුවෙන් සිසුන් දැඩි අසීරුතාවකට පත්ව ඇතැයි පාර්ලිමේන්තුවේදී අද ප්‍රකාශ වුණා.

පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පැවසුවේ වෙනත් වසරවල ජනවාරියේදී ආරම්භ වන 06 ශ්‍රේණියේ අධ්‍යයන කටයුතු මෙතෙක් ආරම්භ වී නොමැති බවයි. 

අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය සඳහන් කළේ ශිෂ්‍යත්ව විභාගයේ කටයුතු ප්‍රමාද වී ඇත්තේ පැවති අධිකරණ ක්‍රියාමාර්ගය හේතුවෙන් බවයි.

ඉදිරියේදී විභාග වංචා වැළැක්වීම සඳහා ගෙන ඇති පියවර පිළිබඳවද අග්‍රාමාත්‍යවරිය මෙහිදී පැහැදිලි කළා. 

මේ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා, සේවා අපනයන බද්ද සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කළා. 

මේ අතර පාතාල සිද්ධීන් ඉකුත් සමයේ වාර්තා වුවද පසුගිය වසරවලට සාපේක්‍ෂව අපරාධවල වැඩිවීමක් සිදු වී නොමැති බව මහජන ආරක්‍ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසුවා. 

අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ පාතාල කල්ලි සහ සංවිධානාත්මක අපරාධ මර්දනය කිරීම සඳහා දීප ව්‍යාප්ත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බවයි. 

2025 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පතේ කාරක සභා අවස්ථා විවාදය පාර්ලිමේන්තුවේදී මේ වන විට පැවැත්වෙනවා.

එහි සජීවී දර්ශන නෙත් නිවුස් යූ ටියුබ් නාලිකාවට පිවිස නැරඹිය හැකියි.