ඩොනල්ඩ් ට්‍රම්ප් අමෙරිකානු ජනාධිපති ධුරයට පත් විමෙන්පසු සිය පළමු කැබිනට් රැස්වීම ධවල මන්දිරයේදී ඊයේ පවත්වා තිබෙනවා.
එහි විශේෂත්වය වන්නේ ලොව ධනවත්ම පුද්ගලයා වන එලෝන් මස්ක්ද ඒ සඳහා සහභාගී වී සිටීමයි.
ඔහු කැබිනට් මණ්ඩල රැස්වීමට සහභාගී වී සිටියේ “ටෙක් සපෝට්” හෙවත් තාක්ෂණික සහය යනුවෙන් සඳහන් ටී ෂර්ටයක් හැඳගෙනයි.
මෙම කැබිනට් මණ්ඩල රැස්වීමේදී රජයේ වියදම් කපාහැරීම, නීතිවිරෝධී සංක්‍රමණ සහ යුක්‍රේන යුද්ධය සම්බන්ධයෙන් පුළුල් ලෙස සාකච්ඡා කර තිබෙනවා.
මෙම මස මුලදී ආයතන කිහිපයක් හරහා ෆෙඩරල් සේවකයින් 10,000ක් පමණ සේවයෙන් ඉවත් කර ඇති බවට වාර්තා පළ වී තිබුණා.
සමස්තයක් ලෙස ෆෙඩරල් සේවකයින් 75,000ක් පමණ සේවයෙන් ඉවත්ව යනු ඇති බවටයි පැවසෙන්නේ.
එවන් පසුබිමකයි අමෙරිකානු රජයේ ප්‍රමාණය තවදුරටත් අඩු කිරීම සම්බන්ධයෙන් ට්‍රම්ප්ගේ පළමු කැබිනට් මණ්ඩල රැස්වීමේදීම වැඩි අවධානයක් යොමු කර ඇත්තේ.