ජනාධිපති අනුර කුමාර දිසානායකගේ මංගල අයවැය ශ්‍රී ලංකාවේ ජාතික වශයෙන් වැදගත් වන ප්‍රමුක අරමුණු සාක්‍ෂාත් කරගන්න අසමත් වී තිබෙන බව එක්සත් ජාතික පක්‍ෂයේ තරිඳු ලියනගේ මහතා පවසනවා.
ඔහු සඳහන් කර සිටියේ මෙවැන්නක්
" ජනාධිපති අනුර කුමාර දිසානායකගේ මංගල අයවැය ශ්‍රී ලංකාවේ ජාතික වශයෙන් වැදගත් වන ප්‍රමුක අරමුණු සාක්‍ෂාත් කරගන්න අසමත් වෙලා තියනවා වගේම ලංකාවේ වෙසෙන පුරවැසියන්ගේ සාමාජීය ප්‍රමුක අරමුණු සාක්‍ෂාත් කරගන්නත් අසමත් වෙලා තියනවා.
අපි අයවැයක ජාතික වශයෙන් වැදගත් අරමුණු අනාගත පරම්පාරව වෙනුවෙන් ගනු ලබන තීන්දුතීරණ.
මොකද අපි මැරිලා ගියාට පස්සෙත්, අපේ ඊළඟ පරම්පරාවල පුරවැසියන්ට ඔවුන්ගේ අභිලාශ ඉෂ්ඨ කරගන්න පුළුවන් වපසරියක් අපි ඉතුරු කරලා යන්න ඕනේ.
සාමාජීය වශයෙන් ගන්න තීරණ වර්තමානයේ ජීවත්වන පුරවැසියන්ට පහසුවෙන් ජීවත්විය හැකි ආර්ථික වටපිටාවක් හදන්න ගන්න තීරණ.
මේ දෙකෙන් එකක් විතරක් කරන්න ගියොත් වෙන්නේ වර්තමානයේදී හෝ අනාගතයේ දී ඒවාට වන්දි ගෙවන්න වෙනවා.
ගොඩක් රජයවල් මේ දෙක සමබර කරන්න උත්සාහ කලත් වාමාංශික ආණ්ඩු හැමදාම කලේ සමාජීය අවශ්‍යතා වලට මූලිකත්වය දීලා කටයුතු කරපු එක.
නමුත් එකෙන් වුණේ අනාගත පරම්පරාව ඔවුන්ගේ ආර්ත්මාර්ථකාමී සහ වර්තමානකාමී අයවැයවල් නිසා ඊළඟ පරම්පරාවල වලට අපේක්‍ෂා බංගත්වයක් උරුම කරලා දුන්න එක.
අද වර්තමාන තරුණ පරම්පාරව ආර්ථික වශයෙන් බැටකන්නේ මේ නිසා.
විවිද රජයන්වල ප්‍රතිපත්ති මත ජාතික සහ සාමාජීය අවශ්‍යතා අතර මැද මාවතක් හොයන එක ජනවරම මත අපිට එකඟ වෙන්න පුළුවන් වුනත් මේ දෙකම මඟ හැරලා අයවැයක් ඉදිරිපත් කිරීම මහා ඛේදවාචකයක්.
ඒක මහා අපරාදයක් වගේම උපන් නූපන් සියලු පුරවැසියෙකුම ආර්ථික වශයෙන් ඝාතනය කිරීමක්.
2025 අයවැය එවැනි බරපතල මහා අපරාදයක්.
එවැනි පසුබිමක කවුරුහරි කියනවනම් 2025 අනුරගේ අයවැය රනිල්ගේ අයවැයක් කියලා - එක්කෝ එයාල රනිල්ට පිටිපස්සෙන් පිහියෙන් අනිනවා, නැත්තම් රනිල් ගේ සහ එක්සත් ජාතික පක්‍ෂයේ ආර්ථික ප්‍රතිපත්තිය ගැන කිසිම අවොබෝදයක් නැති ආර්ථික වශයෙන් අනූන පුද්ගලයින්."