මේ දිනවල පවතින වියළි කාලගුණික තත්වය හේතුවෙන් සහ අධික ජල පරිභෝජනය හේතුවෙන් බෙදා හැරීමේ පද්ධතියේ අඩු පීඩන තත්ත්වයක් හෝ උස් බිම් ප්‍රදේශවල ජල සැපයීම් බිඳ වැටීම් සිදුවිය හැකි බව ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා
නිවේදනයක් නිකුත් කරමින් එම මණ්ඩලය සඳහන් කරන්නේ එලෙස ජල සැපයුම දෛනිකව සැළකිය යුතු කාලයක් අඩාල වන බවත්, මණ්ඩලය මඟින් හඳුනා ගත් උස් ප්‍රදේශවල පදිංචි පාරිභෝගිකයින් සඳහා බවුසර් මඟින් සහ මුර ක්‍රමය යටතේ ජලය ලබාදීමට ද කටයුතු සලසා ඇති බවයි.
තවද ජල මුලාශ්‍රයන්හි ජල මට්ටම් පහළ අගයක පවතින අතර ජනතාවගේ ජල පරිභෝජනය සැළකිය යුතු අගයකින් ඉහළ ගොස් ඇති වුවද ජල නිෂ්පාදනයෙහි අඩුවීමක් සිදු වී නොමැති අතර සාමාන්‍ය තත්ත්වයෙන් 10% පමණ අභිබවා ජලය නිෂ්පාදනය කර බෙදා හැරීම සිදුකරන බව ද එම මණ්ඩලය පවසනවා
මේ හේතුවෙන් අත්‍යවශ්‍ය දෛනික කටයුතුවලදී ජලය ඉතා අරපිරිමැස්මෙන් භාවිතා කරන ලෙසත් අත්‍ය වශ්‍ය නොවන කටයුතු සඳහා නළ මඟින් ලබාදෙන පානීය ජලය භාවිතය අවම කරන ලෙසත් ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා
එමඟින් බෙදා හැරීමේ පද්ධතියේ ජල පීඩනය ප්‍රශස්ත මට්ටමක පවත්වා ගැනීමට හැකියාව ඇති බවත් හදිසි අවස්ථාවන්ට මුහුණදීම සඳහා පෙර සූදානමකින් සිටින ලෙසද ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.
එමෙන්ම ගංඟා ජලයට ලවණ ජලය මුසුවීම වැළැක්වීම සඳහා අවශ්‍ය තාවකාලික ලවණ බාධක ඉදිකිරීමට ද කටයුතු කර ඇති බවද ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා