මහබැංකු බැඳුම්කර වංචාව සිදුවී අදට වසර 10ක් සම්පූර්ණ වනවා.
මේ අතර බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මෙරටට ගෙන්වා ගැනීමට නීතිපති දෙපාර්තමේන්තුව උත්සහ කළද සිංගප්පූරු පුරවැසියෙකු වන ඔහු මෙරටට ලබා දිය නොහැකි බව එරට බලධාරීන් දැනුම් දී ඇති බවටද මාධ්‍ය වාර්තා පළ වුණා.
කෙසේවෙත් අර්ජුන් මහේන්ද්‍රන් මෙරටට ගෙන්වා ගැනීමට නීතිමය බාධාවක් නොමැති බවයි පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා මාධ්‍ය හමුවකදී පැවසුවේ.