ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අතර සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.
ඒ, ජනාධිපති ලේකම් කාර්යාලයේදීයි. වෛද්‍යවරුන්ගේ වැටුප් හා දීමනාවලට අදාළව මෙවර අයවැයෙන් ඉදිරිපත් කර ඇති යෝජනා පිළිබඳවත්, වෘත්තීය කටයුතු කරගෙන යාමේ දී වෛද්‍යවරුන් මුහුණ පා සිටින ගැටලු පිළිබඳවත් මෙහිදී සාකච්ඡාවට ලක්ව ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය සංජීව තෙන්නකෝන්, එම සංගමයේ ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස යන මහත්වරුන් සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ තවත් නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටි බවද ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළා.