කොළඹ ආනන්ද විද්‍යාලය හා නාලන්ද විද්‍යාලය අතර පැවැත්වෙන 95වන සුලෝහිත සංග්‍රාමය වාර්ෂික මහා ක්‍රිකට් තරඟය අද ආරම්භ වනවා.
ඒ, කොළඹ එස් එස් සී ක්‍රීඩාංගණයේදීයි.
අද සිට මාර්තු දෙවනදා දක්වා දින තුනක් පුරා එම තරඟය පැවැත්වීමට නියමිතයි.
මේ දක්වා පැවති සුලෝහිත සංග්‍රාම මහා ක්‍රිකට් ත`රග 94න් 12ක් ආනන්ද විද්‍යාලය ජයගෙන තිබෙනවා.
නාලන්ද විද්‍යාලය ජයගෙන ඇති තරඟ ගණන 07ක්.
මෙම තරඟය නැරඹීම සඳහා විදේශගතව සිටින එම විද්‍යාල දෙකේ ආදි ශිෂ්‍යයින් විශාල පිරිසක්ද පසුගිය දිනවල දිවයිනට පැමිණියා.
මෙල්බර්න් සිට දෙවිදුහලේ ආදි සිසුන් රැගෙන පැමිණි ගුවන් යානයක නියමුවන් ලෙස කටයුතු කළේ ආදි නාලන්දීයෙකු වන නාමල් ප්‍රනාන්දු සහ ආදි ආනන්දීයෙකු වන හර්ෂ විජේවර්ධන වීම විශේෂිත සිදුවීමක්.