Sunday, March 30, 2025

General line - 0115112241

ද්විපාර්ශ්වික ආර්ථික සබඳතා ශක්තිමත් කරමින් ඉන්දීය රුපියල් -  ශ්‍රී ලංකා රුපියල් වෙළඳ පියවීම් පිළිබඳ විද්වත් සාකච්ඡාවක්



ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය ‘ඉන්දීය රුපියල් -  ශ්‍රී ලංකා රුපියල් වෙළඳ පියවීම්: ද්විපාර්ශ්වික ආර්ථික සබඳතා ශක්තිමත් කිරීම’ යන මැයෙන් වූ විද්වත් සාකච්ඡාවක් පසුගිය 25වනදා කොළඹ දී සංවිධානය කර තිබුනා       

ශ්‍රී ලංකා රජය, ශ්‍රී ලංකා සහ ඉන්දීය බැංකු මෙන්ම විවිධ වෙළඳ මණ්ඩල, මාධ්‍ය සහ විද්වත් සංවිධාන වැනි ආයතන නියෝජනය කරමින් ප්‍රධාන පාර්ශ්වකරුවන් රැසක් සහ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා සහ ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ මහතා ද මෙම අවස්ථාවට එක් විය 

ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා පිළිගැනීමේ කතාව සිදු කරමින් අදහස් දැක්වූ අතර ඉන් අනතුරුව ඉන්දීය සංචිත බැංකුවේ ප්‍රධාන සාමාන්‍යාධිකාරී ආදිත්‍ය ගයිහා මහතා විසින් ඉන්දීය රුපියල ජාත්‍යන්තරකරණය සහ ඉන්දීය රුපියල් - ශ්‍රී ලංකා වෙළඳ පියවීම් පිළිබඳ සවිස්තරාත්මක ඉදිරිපත් කිරීමක් සිදු කරතිබෙනවා 

තවද අන්තර් දේශසීමා ගනුදෙනු වලදී ඉන්දීය රුපියල් සහ ශ්‍රී ලංකා රුපියල් භාවිතා කිරීම ඉහළ නැංවීම අරමුණු කරගෙන ඉන්දීය සංචිත බැංකුව විසින් මෑතක දී විදේශ විනිමය කළමනාකරණ පනතට සිදු කරන ලද සංශෝධන සම්බන්ධයෙන් ද විස්තර කර සිටියා.

ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ මහතා ඉන්දීය රුපියල් -  ශ්‍රී ලංකා රුපියල් වෙළඳ පියවීම් රාමුව සම්බන්ධයෙන් වැදගත් කරුණු රැසක් ඉදිරිපත් කළ අතර යාන්ත්‍රණය සංවිධිතකරණයෙහිලා දෙරටෙහිම ප්‍රතිපත්ති සම්පාදකයන් සහ මහ බැංකු සමඟ නියැළෙන ලෙස බැංකු දිරිමත් කර සිටියා 

මෙම මුලපිරීම ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමා විසින් මෑතකදී සිදු කරන ලද ඉන්දීය සංචාරය අතරතුරදී අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මැතිතුමා හමු වූ අතර නායකයන් දෙපළ අතර පැවති සාකච්ඡාවන් හිදි දෙරට අතර වෙළඳ සහ ආයෝජන සබඳතා ගැඹුරු කිරීම සඳහා ඉන්දීය රුපියල් -  ශ්‍රී ලංකා රුපියල් වෙළඳ පියවීම් ඉහළ නැංවීම සම්බන්ධයෙන් ඉහළ අවධානයක් යොමු විය.