Sunday, March 30, 2025

General line - 0115112241

මිනුවන්ගොඩ වෙඩි තැබීමේ සිද්ධියකට ආධාර දුන් දෙදෙනෙකු අත්අඩංගුවට



මිනුවන්ගොඩ, පත්තඬුවන හන්දියේදී පෙරේදා දිනයේ යතුරුපැදියකින් පැමිණ ත්‍රීරෝදරථයක සිටි පුද්ගලයෙකුට වෙඩිතබා පලා යාමේ සිද්ධියට සම්බන්ධ සැකකාරියක් සහ සැකකරුවෙකු ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා

ඒ, එම අපරාධයට ආධාර අනුබල දීමේ චෝදනාව මතයි.

අදාළ වෙඩිතැබීම සඳහා යොදා ගත් යතුරුපැදියේ ලියාපදිංචි අංකය තහවුරු කර ගැනීමෙන් පසු එම යතුරුපැදිය අයත් කාන්තාව ජාඇල තුඩැල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම යතුරුපැදිය ළඟ තබාගෙන සිටි පුද්ගලයෙකුද ඊයේ රාත්‍රියේ ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය මගින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළා.