Friday, February 28, 2025

General line - 0115112241

ගුරු සේවයේ පුරප්පාඩු 43,000ක්



ගුරු සේවයේ පුරප්පාඩු 43,273ක් පවතින බව අග්‍රාමාත්‍ය හා අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

ඒ, ස්ථාවර නියෝග 27/2 යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා යොමු කර තිබූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්. 


2019 වසරේ පැවති ශ්‍රී ලංකා ගුරු සේවයට බඳවා ගැනීමේ විවෘත තරඟ විභාගයට පෙනී සිට සමත් වූ ධර්මාචාර්ය විභාග සමතුන් ජාතික හා පළාත් පාසල්වල ආගමික විෂයන් ඉගැන්වීම බඳවා ගන්නේදැයි දිලිත් ජයවීර මන්ත්‍රීවරයා යොමු කර තිබූ ප්‍රශ්නයකටද අග්‍රාමාත්‍යවරිය එහිදී පිළිතුරු ලබා දුන්නා.

ඇය එහිදී කියා සිටියේ විද්‍යාපීඨවලින් පිටවන ඩිප්ලෝමාධාරීන් සඳහා ගුරු පත්වීම් ලබා දීමේදී ප්‍රමුඛත්වය ලබා දෙන බවයි.