Sunday, March 30, 2025

General line - 0115112241

අමෙරිකාව සහ බ්‍රිතාන්‍ය අතර කඩිනම් වෙළඳ ගිවිසුමකට සාකච්ඡා



අමෙරිකාව සහ බ්‍රිතාන්‍ය අතර කඩිනමින් වෙළෙඳ ගිවිසුමක් ඇතිවිය හැකි බව දෙරටේ නායකයින් පවසා තිබෙනවා.

ඒ, අමෙරිකානු ජනාධිපති ඩොනල් ට්‍රම්ප් සහ බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය කීර් ස්ටාර්මර් අතර පැවති හමුවකින් අනතුරුවයි. බ්‍රිතාන්‍ය  අග්‍රාමාත්‍යවරයාගේ අමෙරිකානු සංචාරය අතරතුරදී එම හමුව සිදුව  තිබෙනවා.

ඒ අනුව ඉදිරියේදී තීරුබදු වළක්වා ගත හැකි වෙළෙඳ ගිවිසුමක් දෙරට අතර අත්සන් තැබෙනු ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ. 

දෙපාර්ශවයම සම්පූර්ණ නිදහස් වෙළඳ ගිවිසුමකට මග පාදන අදියරෙන් අදියර ආර්ථික හා තාක්ෂණික ගිවිසුමක් සඳහා සාකච්ජා පැවැත්වූ බවයි බ්‍රිතාන්‍ය බලධාරීන් පවසා ඇත්තේ.

අදාළ සාකච්ජාවේදී යුක්‍රේනයේ ආරක්ෂාව සම්බන්ධයෙන්ද අමෙරිකානු සහ බ්‍රිතාන්‍ය නායකයින් දෙපළ අවධානය යොමු කර ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන්.