අද මධ්‍යම රාත්‍රියේ සිට ඛනිජ තෙල් ඇණවුම් කිරීමේ කටයුතුවලින් ඉවත් වන බව ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය පවසනවා.
එම සංගමයේ උප සභාපති කුසුම් සඳනායක මහතා පැවසුවේ ඉන්ධන බොදුම්කරුවන්ට හිමිවන සියයට 3ක වට්ටම් මුදල අහෝසි කර හෙට සිට නව ගෙවීම් ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට ඛනිජ තෙල් සංස්ථාව ගෙන ඇති තීරණය හේතුවෙන් සිය සංගමය මෙම තීරණයට එළඹුණු බවයි.
තවද ඔහු සඳහන් කර සිටියේ මේ වන විට පවතින සංචිත බෙදා හැරීම පමණක් සිදුකරන අතර අලුතින් සංචිත ඇනවුම් කිරීමක් සිදු නොකර බවයි