කොළඹ ආනන්ද විද්‍යාලය හා නාලන්ද විද්‍යාලය අතර 95වන වරට පැවැත්වෙන සුලෝහිත සංග්‍රාමය වාර්ෂික මහා ක්‍රිකට් තරඟය කොළඹ එස් එස් සී ක්‍රීඩාංගණයේදී අද ආරම්භ වුණා.
එම තරඟයේ පළමු ඉනිම ක්‍රීඩා කළ ආනන්ද විද්‍යාලයීය කණ්ඩායම අද දිනය නිමා වන විට කඩුලු 03ක් දැවී ලකුණු 154ක් රැස් කරගෙන සිටියා.
වර්ෂාව හේතුවෙන් තරඟයට බාධා එල්ල වූ අතර අද දිනයේදී ක්‍රියාත්මක කිරීමට හැකි වූයේ පන්දුවාර 47ක් පමණයි.
දින තුනක තරඟයක් ලෙස පළමුවරට පැවැත්වෙන මෙම තරඟය හෙට සහ අනිද්දා දිනවලදීද පැවැත්වෙනවා.