දේශපාලඥයින්ට පක්ෂපාතී හමුදාවක් වෙනුවට රාජ්‍යයට පක්ෂපාතී හමුදාවක් බවට මෙරට හමුදා පරිවර්තනය කිරීම සිය රජයේ ඉලක්කය බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.
ඊයේ පාර්ලිමේන්තුවේදී ආරක්‍ෂක සහ මහජන ආරක්‍ෂක හා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ අමාත්‍යංශයේ වැය ශීර්ෂ පිළිබඳ අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.
හමුදා ප්‍රධානීන් සහ බුද්ධි අංශ ප්‍රධානීන් වෙනස් කිරීමට හේතු වූ කරුණු සම්බන්ධයෙන්ද ජනාධිපතිවරයා එහිදී කරුණු දැක්වුවා.
2030 වසර වන විට මෙරට හමුදා සාමාජිකයන් ප්‍රමාණය අඩු කිරීමට කටුයතු කරන බවත් ආරක්‍ෂක අංශ නවීන තාක්‍ෂණයෙන් සන්නද්ධ කරන බවත් ජනාධිපතිවරයා එහිදී සඳහන් කළා.
මේ අතර අයවැය කාරක සභා විවාදය අද තුන්වන දිනටත් පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට නියමිතයි.