අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ යුක්‍රේන ජනාධිපති ව්ලැඩ්මියර් සෙලෙන්ස්කි අතර උණුසුම් වචන හුවමාරුවක් සිදු වී තිබෙනවා.
ඒ, යුක්‍රේන ජනාධිපතිවරයා සහ අමෙරිකවේ ජනාධිපතිවරයා අතර ධවල මන්දිරයේ පැවති සාකච්ජාවක් අතරතුරදියි.
එම උණුසුම් වචන හුවමාරුව හේතුවෙන් යුක්‍රේන ජනාධිපතිවරයාට ධවල මන්දිරයෙන් පිටව යන ලෙස දැනුම් දී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
එමෙන්ම සැලසුම් කළ මාධ්‍ය හමුවක් ද හදිසියේම අවලංගු කර තිබෙනවා.
කෙසේවෙතත් ට්‍රම්ප් පවසා ඇත්තේ යුක්‍රේන ජනාධිපතිවරයා සාමයට සූදානම් වූ විට නැවත පැමිණිය හැකි බවයි.
මේ අතර, අමෙරිකාව සහ යුක්‍රේනය අතර යෝජිත දුර්ලභ ඛනිජ ගිවිසුම අත්සන් කර නොමැති බවද විදෙස් මාධ්‍ය වාර්තා කළා.