Saturday, March 1, 2025

General line - 0115112241

රට තුළ කිසිදු ඉන්ධන හිඟයක් නොමැති බව ආණ්ඩුව මැතිසබයේදී කියයි



රට තුළ කිසිදු තෙල් හිඟයක් නොමැති බව ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත මහතා පවසනවා.

පිරවුම්හල් ආශ්‍රිත පෝලිම් සම්බන්ධයෙන් විපක්ෂය නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී මේ බව කියා සිටියා.

ඉන්ධන ගැටලුව විසඳීමට ආණ්ඩුව ගත් ක්‍රියාමාර්ග කවරේදැයි එහිදී විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා ආණ්ඩුවෙන් විමසා සිටියා.


පවතින තත්ත්වය හමුවේ ධීවරයින්ට සිය රැකියාවේ නිරත වීමට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇති බවයි ඉන් අනතුරුව අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පැවසුවේ.

ඊට ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය, වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මෙලෙස ප්‍රතිචාර දැක්වුවා. 

>


මේ, ඉන් අනතුරුව අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා. 


ඊට ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත මහතා මෙලෙස ප්‍රතිචාර දැක්වුවා. 


ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය ඉන්ධන බෙදා නොහරින බවට නිල වශයෙන් දැනුම් දී නොමැති බවද නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත මහතා පැවසුවා.


නව ක්‍රමවේදය යටතේ ඛනිජතෙල් බෙදුම්කරුවන්ට අසාධාරණයක් නොවන බවයි ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත මහතා කියා සිටියේ.


ඉන් අනතුරු පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා යොමු කළ ප්‍රශ්නයකට ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය, වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පිළිතුරු ලබා දුන්නා.