Saturday, March 1, 2025

General line - 0115112241

මහා පරිමාණ නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් වටලයි- සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

සම්පත් කුලරත්න



පයාගල පුවක්ගහ⁣දෙනිය ප්‍රදේශයේ ඉතා සූක්‍ෂම ලෙස ලදු කැලෑවක පවත්වාගෙන ගිය නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් වටලා සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා 

දොඩංගොඩ පොලිසියට ලද තොරතුරක් මත එම වැටලීම සිදුකර ඇති අතර එම ස්ථානයේ තිබූ නීති විරෝධී ගෝඩා මිලි ලීටර් පන්ලක්ෂ හැට හයදාහක් පමණ සහ නීති විරෝධී මත්පැන් මිලි ලිටර් 22,056ක් පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.

එම  ජාවාරම පවත්වාගෙන ගිය ප්‍රධාන ජාවාරම්කරු සහ තවත් පුද්ගලයකු එලෙස  අත්අඩංගුවට  ගත් බව දොඩංගොඩ පොලීසිය පැවසුවා 

ප්‍රදේශයේ වගුරු බිමක් ආශ්‍රිතව අදාල මත්පැන් නිෂ්පාදනාගාරය පවත්වාගෙන ගොස් ඇති බවයි පොලීසිය පැවසුවේ.

එහි නිෂ්පාදනය කරන නීති විරෝධි මත්පැන් පයාගල, නාගහදූව ,දොඩංගොඩ, මතුගම ආදී ප්‍රදේශ රැසකටම බෙදා හැර ඇති බවට පොලිස් විමර්ශන වලදී  අනාවරණය වී තිබෙනවා 

එම ස්ථානයේ ළදු  කැලෑවක සඟවා තිබූ අංක තහඩු නිසි පරිදි සවිකොට නැති යතුරු පැදියක්ද සිය භාරයට ගත් බවයි පොලිසිය පැවසුවේ 

අත්අඩංගුවට ගත් සැකකරුවන් මතුගම මහේස්ත්‍රාත් අධිකරණ වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.