Friday, April 26, 2024

General line - 0115112241

යාලේ කොටි 06 ක් මරාදාලා – පරීක්ෂණ ඇරඹෙයි




යාල වනෝද්‍යානයේ ජීවත් වූ කොටි හය දෙනෙකු පසුගිය සමයේ මරාදමා ඇති බවට තොරතුරු අනාවරණ වී තිබෙනවා.

සංවිධානාත්මක කල්ලියක් විසින් මෙම ක්‍රියා සිදු කරන බවටයි වැඩිදුරටත් අනාවරණ වී ඇත්තේ.

ඒ අනුව මේ සම්බන්ධයෙන් පොලිස්පතිවරයාගේ අවධානය යොමුවී ඇති අතර සිද්ධිය පිළිබඳව විශේෂ පරීක්ෂණයක් ආරම්භ කරන ලෙසට උපදෙස් ලබා දී ඇතැයි පොලිස් මූලස්ථානය පැවසුවා.