දැඩි කතාබහකට ලක්ව ඇති තොරතුරු තාක්ෂණය ඇතුළු සේවා අපනයන වෘත්තිකයින්ට පැනවීමට අපේක්ෂිත සියයට 15ක බද්ද අය කරන්නේ ඔවුන්ගේ අදායමට නොව ඔවුන් ලබන ආදායම් ලාභයට බව ආණ්ඩුව පවසනවා.
ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී පැවසුවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ කළ සාකච්ඡාවකින් පසු මෙම බද්ද සියයට 15ක් දක්වා පහළට ගෙන ආ බවයි.
සෙසු බදු ගෙවන්නන්ට සාපේක්ෂව සේවා අපනයන වෘත්තිකයින්ට සහන රැසක් ලබාදී ඇති බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේ.
පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මෙහිදී ප්‍රශ්න කළේ අපනයන වෘත්තිකයින්ට බදු පැනවුව ද අන්තර්ජාල කැසිනෝ ව්‍යාපාරවලින් බදු අයකර නොගන්නේ මන්ද යන්න පිළිබඳවයි.
මේ අතර අයවැය කාරක සභා විවාදයේ 06වන දිනය යටතේ පාර්ලිමේන්තුව අදත් පෙරවරු 09යි 30ට රැස්වීමට නියමිතයි.