දරුවන්ට කුඩා කළ සිට ඇත්තේ වැඩිහිටියෙකු වූ විට සිදු කරන රැකියා පිළිබඳ සිහිනයක්.
ඩී ජේ ඩැනියෙල්ටත් කුඩා කළ සිට තිබුණේ පොලිස් නිලධාරියෙකු වීමේ සිහිනයයි.
එහෙත් අවාසනාවකට 2018දී ඔහු මොළයේ පිළිකාවකින් පීඩා විඳින බව වෛද්‍යවරුන් සොයා ගනු ලබනවා.
වෛද්‍යවරුන් දැන් පවසා ඇත්තේ ඩී ජේ ඩැනියෙල්ට ජීවත් වීමට ඇත්තේ තවත් මාස 05ක කාලයක් පමණක් බවයි.
ඔහු කුඩා කළ සිට දුටු සිහිනය සැබෑ කරමින් ඩැනියෙල්ට පොලිස් නිලධාරියෙකුටත් වඩා බැරෑරුම් රාජකාරියක් සිදු කරන රහස් ඔත්තු සේවා නියෝජිතයෙකු බවට පත් වීමට අවස්ථාව උදා වී තිබෙනවා.
එසේ අවස්ථාව ලැබී ඇත්තේත් අමෙරිකාවේයි.
ඩැනියෙල්ගේ මෙම සිහිනය සැබෑ කළේ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්.
කොන්ග්‍රස් මණ්ඩලය අමතමින් ට්‍රම්ප් පැවසුවේ සියල්ලටම වඩා විශාලම ගෞරවය ඩැනියෙල්ට ලබා දෙන බවයි.
ඩැනියෙල් රහස් ඔත්තු සේවා නියෝජිතයෙකු ලෙස ට්‍රම්ප් විසින් නම් කළේ ඔහු මෙන්ම පවුලේ සියලු දෙනා මවිතයට පත් කරමින්.
ඒ, රැස්ව සිටි සියලු දෙනාගේ අත්පොළසන් නාදයද මධ්‍යයේයි.
අමෙරිකානු රහස් ඔත්තු සේවයේ ප්‍රධානී ෂෝන් කරන් විසින් ඩැනියෙල් හට නිල හැඳුනුම්පත පිරිනැමුවා.
ෂෝන් කරන් යනු ඉකුත් මැතිවරණ සමයේ එල්ල වූ වෙඩි ප්‍රහාරයෙන් ට්‍රම්ප්ගේ දිවි ගලවාගත් රහස් ඔත්තු සේවා නිලධාරියායි.