ඕස්ටේ්‍රලියාවෙන් බිහිවූ දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන ස්ටීව් ස්මිත් එක්දින ක්‍රිකට් පිටියෙන් විශ්‍රාම ගැනීමට තීරණය කර තිබෙනවා.
ඒ, චැම්පියන්ස් කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ඊයේ පැවති අවසන් පූර්ව තරඟයේදී ඉන්දියාව හමුවේ ලද පරාජයෙන් පසුවයි.
කෙසේවෙතත් ස්ටීව් ස්මිත් තවදුරටත් ටෙස්ට් සහ විස්සයි 20 තරඟ සඳහා ඕස්ටේ්‍රලියාව නියෝජනය කරනු ඇති.
පැට් කමින්ස් නොමැති වීම හේතුවෙන් චැම්පියන්ස් කුසලානය සඳහා ඕස්ටේ්‍රලියාව නායකයා ලෙස කටයුතු කළේ ස්ටීව් ස්මිත්.
ඩුබායි හිදී ඉන්දියාවට එරෙහිව ලැබූ පරාජයෙන් පසු ඔහු තම කණ්ඩායමේ සාමාජිකයින්ට දැනුම් දී ඇත්තේ තමා 2027 එක්දින ලෝක කුසලානය සඳහා ඕස්ටේ්‍රලියානු කණ්ඩායමේ සාමාජිකයෙකු නොවන බවයි.
ඕස්ටේ්‍රලියාව වෙනුවෙන් වැඩිම ලකුණු ලැබූ ක්‍රීඩකයින්ගේ ලැයිස්තුවේ ස්ටීව් ස්මිත් පසුවන්නේ 12 වන ස්ථානයේයි.
ඔහු එක්දින ශතක 12ක් රැස් කර ඇති අතර අර්ධ ශතක 35ක් රැස් කර ඇත්තේ එක්දින තරඟ 170කදී ඕස්ටේ්‍රලියාව නියෝජනය කරමින්.
එහිදී ස්ටීව් ස්මිත් ලකුණු 5,800ක් රැස් කරගෙන ඇති අතර පන්දු යවන්නෙකු ලෙස බිඳහෙළා ඇති කඩුලු සංඛ්‍යාව 28ක්.